ආදරේ සුන්දරයි.ආදරේ මලවදයක්.ආදරේ කාලගුණය වගේ.ආදරේ වේදනාවක්.මේ විදිහට එක එක අය ආදරේ ගැන නිර්වචන දෙයි.එක එක අය එක එක විදිහේ උත්තර දෙන්න හේතුවක් තියෙනවා.මොකද ඒ ඒ අය ආදරේ විඳලා තියෙන්නේ එක එක විදිහටනේ.ආදරේ ඇතුලේ සතුට, දුක, වේදනාව හැමදේම තියෙනවා.ඒ නිසා ආදරය කියන්නේ මොකද්ද කියලා හරියටම කියන්න කාටවත් බැරි වුණත් ආදරයක් success වෙන්න නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා.ඉතින් අද කියන්න යන්නේ ඔයාගේ love එක success කරගන්න ඕනේ tips ටිකක් ගැනයි .
# විශ්වාසය
දෙන්නෙක් අතර බැඳීමක් ඇති වෙන්න නම් අනිවාර්යයෙන්ම විශ්වාසය කියන දේ තියෙන්න ඕනේ.විශ්වාසය කියන්නේ හරියට gum එකක් වගේ.Gum එකකින් වෙන්නේ මොකක් හරි දෙයක් හොදට අලවලා තියන එකනේ.ඉතින් විශ්වාසයත් ඒ වගේම තමා.විශ්වාසය කියන දේ නැත්තනම් ඕනම affair එකක් නැති වෙන්න යන්නේ පොඩි කාලයක් විතරයි.ඒ නිසා ඔයාගේ ආදරේ ලස්සනට ජිවිත කාලයටම තියාගන්න ඕනෙනම් දෙන්නට දෙන්නා විශ්වාස කරන්න පුරුදු වෙන්න ඕනේ.
# කැපකිරීම් කරන්න
අපි අපේ අම්මට තාත්තට ගොඩක් ආදරෙයිනේ.මොකද අපේ හිත දන්නවා ඒ දෙන්න අපි වෙනුවෙන් කොච්චර දේවල් කැපකරලා තියෙනවද කියලා.අපේ දෙමව්පියෝ අපිට කොච්චර බැන්නත් එයාලා වෙනුවෙන් තියෙන ආදරේ නම් පොඩ්ඩක්වත් අඩුවෙන්නේ නැහැ.මොකද එයාලා අපි වෙනුවෙන් කරපු කැපකිරීම් ගැන අපි හොඳට දන්නවනේ.ඒ වගේම තමා අපිත් කෙනෙක්ගේ ආදරයක් ලබන්න ඕනෙනම් එයාට දැනෙන විදියේ කැපකිරීම් කරන්නම වෙනවා.කොච්චර busy වුණත් ඔයා ආදරේ කරන කෙනා වෙනුවෙන් එක විනාඩියක් හරි වෙන් කරන්න අමතක කරන්න එපා.ඔයාගේ time එක එයා වෙනුවෙන් දෙන්න පුළුවන් නම් ඔයාගේ ආදරේ හැමදාම ඔයා ළඟම තියාගන්න පුළුවන්.
# ඔයා Special කියලා හිතන්න එපා
ඔයා ගොඩක් rich, educated කියන දේවල් ආදරය කරද්දී අමතක කරන්නම ඕනේ.ඔයා ඕනවට වඩා ආඩම්බර වෙනවනම් ලොකු සීන් එකේ ඉන්නවා නම් ටික කාලයක් යද්දී ඕනම කෙනෙක්ට ඔයාව එපා වෙනවා.ඒ නිසා ආදරේ කරන කෙනාට පුළුවන් තරම් flexible වෙන්න.එයාට ගෞරව කරන්න.එයාට ඇහුම්කන් දෙන්න.ඔයාගේ ආදරේට මුල් තැන දෙන්න.එතකොට තමයි ආදරේ ලස්සන වෙන්නේ.
# එයාව සතුටු කරන්න
ආදරයක් Success වෙන්න නම් ඔයාගේ partner සතුටින් ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා.එත් ඉතින් කොහොමද එයාව සතුටින් තියන්නේ? කෙනෙක්ව සතුටින් තියන්න මහා මහා ලොකු දේවල් කරන්න ඕනේ නෑ.කතා කරන වෙලාවට පොඩි joke එකක් කරලා, birth day එකට පොඩි surprise එකක් කරලා,නිතරම වගේ පොඩි පොඩි gift pass කරගෙන එයාව සතුටු කරන්න පුළුවන්.ඒ වගේම තමා කෑවද,බිව්වද,පරිස්සමින් ඉන්න වගේ වචන වලින් එකිනෙකා අතරේ පුදුම විදියේ ආදරයක් share කරගන්න පුළුවන්.ඉතින් ඔයයි එයයි කතා කරන්නේ විනාඩි 5 යිද ,ඒ විනාඩි 5 life එකේ ආදරණීයම විනාඩි 5 කරගන්න try කරන්න.
# Future plans තියාගන්න
මේ ලෝකේ ජිවත් වෙන හැම කෙනෙක්ටම future එකක් ඒ කියන්නේ අනාගතයක් තියෙනවනේ.ඔයා මොන situation එකක හිටියත් future එකේදී මේ මේ දේවල් කරන්න ඕනේ කියලා plan එකක් තියාගන්න ඕනේ.ඉතින් මේ point එක ඔයාගේ love life එකටත් අදාලයි.දෙන්නම එකතු වෙලා ඔයාලගේ future එක ගැන කතා කරන්න.Affair එක strong කරගන්න ලොකු motivation එකක් future plan discussion එකෙන් ගන්න පුළුවන්.හැබැයි මතක තියගන්න ඕනේ දෙයක් තමයි fantasy ලෝකෙන් මිදුන පොලවේ පය ගහලා ජිවත් වෙන්න පුළුවන් plans තමයි ඔයා හදන්න ඕනේ.
ඉතින් ඔයාගේ ආදරේ ලස්සන කරගන්න නම් අද කිව්ව tips ටික අනිවාර්යයෙන්ම use කරන්නම වෙනවා.ඇත්තටම මේවා මහ ලොකු දේවල් නෙමෙයි වුණාට love එකක් ඇතුලෙදි ගොඩක්ම sensitive දේවල්.ඉතිං affairs breakup කරගන්නේ නැතුව දිගටම continue කරගෙන යන එක ඔයාට බාරයි.ආදරය කරන්න ආදරය විදින්න.
Source: helloladies.lk